අමෙරිකානු හිටපු ජනාධිපති බැරක් ඔබාමා විසින් අනුගමනය කළ කාලගුණ විපර්යාස සම්බන්ධයෙන්වන නීති රීති වෙනස් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තීරණය කර තිබේ.
ඒ අනුව ඔබාමාගේ කාලගුණ විපර්යාස පිළිබඳ ප්රතිපත්ති පිළි නොගන්නා බව ට්රම්ප් ප්රකාශ කර ඇත.
ඔබාමා සිය පාලන සමය තුළ කාලගුණ විපර්යාස අවම කර ගැනීම සඳහා ගල් අගුරු ආශ්රිත නිෂ්පාදනයන් අවම කර ඇති බවට වාර්තා වේ.
කෙසේ වුව ද ඩොනල්ඩ් ට්රම්ප්ගේ නව රෙගුලාසිවලට අනුව අමෙරිකාව තුළ ගල් අගුරු නිෂ්පාදනයන්ට පැවති සීමා ඉවත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.