ඔබාමා දියණියෝ ධවල මන්දිරයේ අවසන් රාත්‍රියේ කරපු දේ (PHOTOS)

0
96


අමෙරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමාගේ දියණියෝ ධවල මන්දිරයේ ගත කළ අවසන් රාත්‍රියේ දී සිදු කළ දේ අනාවරණය වෙයි.
18 හැවිරිදි මාලියා ඔබාමා සහ 15 හැවිරිදි සාෂා ඔබාමා වසර 8ක කාලයක් තිස්සේ ධවල මන්දිරයේ ජීවත් වූහ. ඔවුන් දෙදෙනා මේ වනවිට ඇඳුම් විලාසිතා නිසා ද ප්‍රසිද්ධියට පත් ව සිටිති.
අවසන් රාත්‍රියේ දී සිය මිතුරු මිතුරියන් 8 දෙනෙකු සමග රැය පහන් වනතුරු ධවල මන්දිරය තුළ සාදයක් පැවැත් වූ බව මිෂෙල් ඔබාමාගෙන් පසුගියදා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අය පවසා තිබෙනවා.
එහි දී පීසා සහ නගට්ස් සාදයට අවශ්‍ය බව දියණියන් පවසා තිබෙනවා. ඔබාමා පවුල මේ වනවිට වොෂින්ටනයේ කලෝරාමාහි කුලී නිවසක පදිංචිව සිටිනවා. සාෂාගේ අධ්‍යාපන කටයුතු අවසන් වනතුරු ඔවුන් එහි රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here