ඕස්ට්‍රේලියාවට යන්න තවත් අමාරු වෙයි

0
40


ඕස්ට්‍රේලියාවේ රැකියා පතන මගින් විදේශිකයන්ට වීසා බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය දැඩි කරන බව එරට ආණ්ඩුව නිවේදනය කර තිබේ.
ආපන ශාලා, තොරතුරු තාක්ෂණය සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ රැකියා ඇබෑර්තු සඳහා විදේශිකයන් බඳවා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම යොදා ගනු ලැබුවේ “457 වීසා වැඩසටහන” යි. එම වැඩසටහන භාවිතා කරමින් ඕස්ට්‍රේලියාවට පැමිණි බහුතරය ඉන්දීය, බ්‍රිතාන්‍ය සහ චීන ජාතිකයන්වන අතර, ඔවුන්ට සිය පවුලේ සාමාජිකයන් ද සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමණයවීමේ අවසරය හිමිවිය.
එහෙත් අදාළ ක්ෂේත්‍රවල රැකියා ඕස්ට්‍රේලියානුවන්ට ලබාදීම පිණිස “457 වීසා වැඩසටහන” අවලංගු කරන බව අගමැති මැල්කම් ටර්න්බුල් නිවේදනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here