කටාර් සංචාරකයින්ට ශ‍්‍රී ලංකාව තහනම්

0
71

මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින H1N1 වෛරසය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ සංචාරය නොකරන්නැයි කටාර් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සිය සංචාරකයින්ට අනතුරු අඟවා තිබේ.
සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මේ බව දන්වා ඇත. සංචාරකයින් අතර වඩාත් ජනප‍්‍රිය මහනුවර ඇතුළු මධ්‍යම පළාතේ සංචාරය කිරීම මේ වනවිට සුදුසු නොවන බව එහි දැක් වේ.
H1N1 වෛරසය මේ වනවිට පැතිර යන බවට ශ‍්‍රී ලංකා බලධාරීන් ද තහවුරුකර ඇතැයි කටාර් විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
බොහෝ පිරිසක් වෛරසට ගොදුරු වී ඇති බවත් මරණ කිහිපයක් වාර්තාවන බවත් එහි සඳහන් වේ.
එබැවින් සෞඛ්‍ය තත්ත්වය යහපත් වනතුරු ශ‍්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස කටාර් විදේශ කටයුතු අමාත්‍යංශය සිය සංචාරකයින්ට දැනුම් දී ඇත.
මේ අතර මාතලේ දිස්ත‍්‍රික්කයේ පැතිර යන H1N1 වෛරසය හේතුවෙන් වෛරසය ආසාදනයවන රෝගීන් සඳහා වෙනම වාට්ටුවක් පවත්වාගෙන යාමට මාතලේ දිස්ත‍්‍රික් මහ රෝහල කටයුතු කර තිබේ.
රෝහලට ඇතුළත් වූ රෝගීන් පස් දෙනෙකු මේ වනවිට මරණයට පත්ව ඇති බව රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි. තවත් සැළකිය යුතු රෝගීන් පිරිසක් මේ වනවිට රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here