කම්කරු දින සැමරුම් තැන් කිහිපයකදී සැමරේ

0
5

කම්කරු දින සැමරුම් අදට නොපවත්වන ලෙසට රජය දැනුම් දී තිබුණත් ඇතැම් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති අද (01) දින මැයි දින සැමරුම් සංවිධාන කිරීමට කටයුතු කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ මැයි දින සැමරුම යාපනය මහ නගර සභා ක්‍රීඩා පිටියේ දී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම දෙමළ ජාතික සංධානය ද අද යාපනය, නෙල්ලිඅඩි සහ මඩකලපුව, වෙල්ලාවලි යන ප්‍රදේශවල දී මැයි දිනය සැමරීමට කටයුතු කර ඇති බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් සඳහන් කරයි.

මේ අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද අද කොළඹ දී මැයි දින පෙළපාලියක් සහ රැළියක් සංවිධානය කර තිබේ.

මරදාන, එල්ෆින්ස්ටන් රඟහල අසළින් අද දහවල් එම පා ගමන ආරම්භ කළ බව එහි දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ කියා සිටී.

මීට අමතරව තවත් වෘත්තීය සමිති කිහිපයක් අද මැයි රැළි සංවිධානය කර තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here