කම්කරු දෙපාර්තුමේන්තුවේ මුල් පුටු දෙකක් හිස්වෙයි

0
57


ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවට මෙවර මැයි දිනය සමරන්නට සිදු වී ඇත්තේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සහ කම්කරු අමාත්‍යංශ ලේකම්වරයාගේ තනතුරු හිස් ව පවතිද්දී බව කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග ඉකුත් 9 වැනි දා විශ්‍රාම ගිය අතර මේ වනතුරු එම තනතුරට කිසිවෙකු පත් කර නොමැත.
එමෙන්ම කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයාවන ගෝඨාභය ජයරත්න මහතා ඉකුත් 20 වැනි දා විශ්‍රාම යාමට නියමිත ව සිටි අතර මේ වනතුරු ඒ මහතා අමාත්‍යංශයේ සේවය කරයි.
එහෙත් මේ වනතුරු ඔහුට සේවා දිගුවක් ලබා දී නොමැති බව කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග තව දුරටත් හෙළි කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here