කලකිරුණු ප්‍රමිත ඇමති ධූරය අතහැර මහින්ද ගාවට?

0
37


එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන්, දඹුල්ල ශ්‍රීලනිප සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මධ්‍යම පළාත් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
මධ්‍යම පළාත් සභාවේ කර්මාන්ත, යෞවන කටයුතු, වනිතා කටයුතු, ග්‍රාමීය සංවර්ධන හා ක්‍රීඩා අමාත්‍ය ධූරයේ කටයුතු කරනු ලැබුවේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ය.
ඔහු ස්වකීය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය වෙත ඊයේ (25) ආණ්ඩුකාර කාර්යාලයේ දී බාර දී ඇත.
කෙසේ වුව ද ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැලියට සහභාගී වී ඉන් අනතුරු ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග එක් ව රට ගොඩනැගීමට කටයුතු කරන බව ඔහු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here