කාන්තාවන්ට ජංගම දුරකතන භාවිතය තහනම් කරයි

0
94

කාන්තාවක් ප්‍රසිද්ධියේ ජංගම දුරකතන භාවිත කර හසුවුවහොත් රුපියල් 21,000ක දඩයක් පැනවීමට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගමක බලධාරීන් තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කාන්තාවක් ජංගම දුරකතනයක් භාවිත කිරීම, මත්පැන් භාවිතය, සූදුව සහ ගව ඝාතනය වැනි දේ වරදවල් ලෙස සැළකෙන බව ඔවුන් අවධාරණය කර ඇත.
ඉකුත් 02 වැනි දා මෙම නීතිය පනවා ඇති අතර ග්‍රාම සභාවක් මගින් ඊට අනුමැතිය ලබා දී තිබේ. මෙම ග්‍රාමය තුළ සිටින කාන්තාවන් බොහෝ පිරිසක් නූගත්වන අතර ඔවුන්ට ජංගම දුරකතනයක් භාවිත කිරීමට කිසිදු අවශ්‍යතාවක් ද නොමැති බව ද ඔවුන් පෙන්වා දේ.
ඕනෑම දෙයක් තම සම්ප්‍රදායන්ට අනුකූල ව සිදුවිය යුතු බව ඔවුන් සඳහන් කර තිබේ. එසේ ම එම ග්‍රාමයේ තරුණියන් පිරිමින් සමග පවතින සබඳතාවලට බාධා මතු කිරීම එමගින් අපේක්ෂා කර එම තීරණය ගෙන ඇති බව ද ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here