කාන්තා හිංසනය මැඩලීම සඳහා මෙක්සිකෝවේ උමං දුම්රියක පිරිමියෙකුගේ ශරීර අවයව දැක්වෙන අමුතු පන්නයේ අසුනක් නිර්මාණය කර තිබේ.
කාන්තාවන් හිංසනය කිරීමේ චේතනාවෙන් දුම්රියට ඇතුළුවන ඇතැම් පුරුෂයන් අපහසුතාවට සහ අවමානයට පත් කිරීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදු කළ බව එරට බලධාරීන් පවසයි.
කෙසේ වෙතත් “මෙහි අසුන් ගැනීම අපහසු විය හැකිය” යනුවෙන් ආසනයට ඉහළින් දැන්වීමක් ද සටහන් කර ඇත. පොදු ගමනාගමන සේවයේ දී කාන්තාව මුහුණදෙන ලිංගික හිංසන පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් තාවකාලික ව මෙම අසුන සවිකර ඇති බව වාර්තා වේ.
මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයන් විවිධ විවේචන එල්ල කර ඇති අතර ඇතැමෙක් එම අදහසට ප්‍රශංසා කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.