කැරට් කැබැල්ල බිළිඳුන් බිලිගනී

0
77

සිය මා විසින් ආහාරයට ලබා දුන් බත්කටක තිබු කැරට් කැබැල්ලක් සිරවී කුඩා දරුවෙකු මියගිය පුවතක්  අම්බලන්තොට – මිරිජ්ජවිල ප්‍රදේශයෙන් වාර්තා වේ.

කැරට් කැබැල්ල සිර වී ඇතිබව දැනගත් දරුවාගේ මව කඩිනමින් දරුවා අම්බලන්තොට රජයේ රෝහලවෙත රැගෙන ගොස් ඇත. එහෙත් රෝහලට රැගෙන එන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මිය යනවිට කුඩා දරුවාගේ වයස අවුරුද්දයි මාස තුනක් බව වාර්තාවේ. අම්බලන්තොට පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here