කුණුවලට නිකුත් කළ ගැසට් නිවේදනයෙන් මානව හිමිකම් කඩවෙයි?

0
74

කසල බැහැර කිරීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ(20) මධ්‍යම රාත්‍රි 12.00 සිට බලාත්මක විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණු අතර එමගින් ජනතාවට හිමි මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව කසල බැහැර කිරීම සඳහා බාධා පමුණවන ඕනෑම පුද්ගලයෙකු වරෙන්තු රහිතව අත්අඩංගුවට ගැනීමට පොලීසියට අවසර ලබා දී තිබේ.

පරිසරය ආරක්ෂා කර ගැනීම පුද්ගලයාගේ සදාචාරාත්මක යුතුකමක් වුවද එය නීති හරහා පිඩනයකට පත් කර ඇති බවත් මෙමගින් පුද්ගලයාගේ භාෂණයේ නිදහස, සාමකාමීව රැස් වීමේ නිදහස උල්ලංඝණය වී ඇති බවත්න්  එම නිවේදනයේ සඳහන් වේ.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් කර ඇති පරිදි,මහජන ආරක්ෂක පනතේ 17 වන වගන්තිය ප‍්‍රකාරව ජනාධිපතිතුමා නිකුත් කරන ලද නියෝගයක් අනුව, ඕනෑම පළාත් පාලන ආයතනයක් විසින් කි‍්‍රයාත්මක කරන හා පවත්වාගෙන යනු ලබන අපද්‍රව්‍ය ඉවත් කිරීම, එකතු කිරීම, ප‍්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, සකස් කිරීම, වෙන් කිරීම, බැහැර කිරීම සහ මහාමාර්ගවල ඇති අපද්‍රව්‍ය, නිවෙස්වලින් බැහැර කරන අපද්‍රව්‍ය හා ඊට සමාන කාර්යයන් පිළිබඳව ගනු ලබන කි‍්‍රයාමාර්ග මෙම නියෝගයට අදාළ තිබුණි.

ඒ අනුව මේවා අත්‍යාවශ්‍ය සේවා බවට එමගින් නියම කර ඇති අතර එම නියෝගයට අනුව පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතී.

01- යම් කිසිවෙකු පුද්ගලයෙකුට හෝ දේපළවලට වාචිකව හෝ ලිඛිතව හිංසනයක් සිදු කිරීමෙන් එනම් තර්ජනය කිරීම, බලහත්කාරයෙන් හෝ කුමන අන්දමකින් හෝ අපහාසයකින් හෝ අන් ක‍්‍රමයකින් එම කාර්යයන්හි යෙදීම වැළැක්වීම, බාධා කිරීම, ප‍්‍රමාද කිරීම හෝ අවහිර කිරීමට තැත් කිරීම වරදකි.

එමෙන්ම මෙවැනි ක්‍රියාවන් සඳහා බලපෑම් කිරීම, ජනතාව ප‍්‍රකෝප කිරීම අන් අන්දමකින් පෙළඹවීම මගින් එවැනි සේවා පවත්වාගෙන යාමට යමෙකුට බාධා කිරීම,රැකියාවෙන් ඉවත්වන ලෙස බලපෑම් කිරීම නීති විරෝධි වේ.

තවද මෙවැනි කාර්යයන් සඳහා රැකියා අවස්ථාවන් සැපයීම හෝ රැකියාවන් භාර ගැනීම වැළැක්වීම ද  වරදකි.

එමෙ ක්‍රියාවන් සඳහා කිසිවෙකුට ශාරීරිකව හෝ වාචිකව හෝ ලිඛිතව හෝ බලපෑම් කිරීම, දඬුවම් ලැබිය හැකි වරදක් වේ.

02- මෙම පනතේ විධිවිධාන අනුව උක්ත ක්‍රියාවන් කළ හෝ කරන හෝ කළේ යැයි සැක කිරීමට සාධාරණ හේතු ඇති විට ඕනෑම පොලිස් නිළධාරියෙකුට වරෙන්තු රහිතව, ඕනෑම අවස්ථාවක එවැන්නෙකු අත්අඩංගුවට ගත හැකිය.

03- මෙවැනි වරදකට හසුවූ කෙනෙකු මහේස්ත‍්‍රාත්වරයෙකු ඉදිරිපිට නඩු විනිශ්චයකින් පසුව බරපතල වැඩ සහිත සිරදඬුවමකට යටත් කළ හැකි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here