කුණු කන්දක් නාය යයි – වගකිව යුත්තන් හිරේ යයි (PHOTOS)

0
62


දකුණු දිග චීනයේ ෂෙන්සෙන් නගරයේ කසල කන්දක් නාය යාමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් 45 දෙනෙකුට සිරදඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කසල කන්ද පිහිටි ඉඩම පවත්වාගෙන ගිය සමාගමේ කළමනාකරුට හා ෂෙන්සෙන් නගර පරිපාලනයේ හිටපු ප‍්‍රධානියා ද ඒ අතරට අයත් වේ.
2015 වසරේ දී එම අනතුර සිදු වූ අතර ඔවුන්ට වසර 20 බැගින් සිර සිරදඬුවම් නියම විය.
කැලි කසල සහ ඉදි කිරීම්වල අපද්‍රව්‍ය ගොඩගසා තිබූ මෙම කුණු කන්ද කිසිවෙකුත් නොසිතූ අවස්ථාවක නාය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි දී පුද්ගලයන් 70 දෙනෙක් අතුරුදන් වූ අතර තවත් පුද්ගලයන් 900 ක් බේරා ගෙන ඇත.

ඊට අදාල ඡායාරූප පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here