කෙල්ලෙක් යාළු කරගන්න පුලුවන් සුපිරිම ක්‍රම 10ක්

0
668

 

අද කාලේ ගෑණු ළමයෙක් යාළු කර ගන්න එකත් ඒ තරම්ම ලේසි පහසු දෙයක් නෙමෙයි. හිතේ  කෙනෙක් හිටියට විතරක් මදි එයාට ආදරෙයි කියලා කියා ගන්නත් එපැයි. ඒත් කොහොමද ඒක කරන්නේ ? ගොඩක් අය  කරන්නේ  රතු රෝස මලක් දීලා ආදරෙයි කියන එකනේ එත්, ඒ ක්‍රමය දැන් ටිකක් පරණයි.

ඔබ වඩාත් ආදරය කරන කෙනොට ඒ ආදරය වඩාත්ම ආදරණීය ලෙස කියන්න ඒ දවස සුන්දරම සහ ප්‍රේමණීය දවසක් කර ගන්න  හොදම ක්‍රම 10ක්  ගැන තමයි මේ කියන්නේ. මේ ක්‍රමවලින් ඔබේ සිහින කුමරියට ආදරෙයි කිව්වොත්  අනිවාර්යෙන්ම ඇය ඔබට කැමති වේවී.

1 ඔබ ඔබම වී ආදරය ප්‍රකාශ කරන්න

යෝජනාව  ගෙන ඒමට ප්‍රථමව ඔබ කව්දැයි  නිරන්තරයෙන් සිතන්න. මේ නිසා ඔබේ යෝජනාව සරලව හා ඉතා සුවිශේෂීව ප්‍රකාශ කර ගත හැකි වේ. ඔබ පාවිච්චි කරන වචන  මෙන්ම ඔබගේ බාහිර ඉරියව් පිළිබඳවද සැලකිලිමත්වීම ඉතාමත් වැදගත් වේ. මේ සියලූ කරණු පිළිබඳව සැලකිලිමත් වීමෙන් ඔබගේ සිහින කුමරියට වඩාත් දැනෙන ලෙසින් ආදරය ප්‍රකාශ කළ හැකි වේ.

2 ඉටිපන්දම්වලින් ආලෝකමත් වූ රාත්‍රී භෝජන සංග්‍රහකදී ආදරය ප්‍රකාශ කරන්න‍

මෙය තරමක් සම්භාව්‍ය ක්‍රමයක් වූවත් ඔබේ ආදරය යෝජනා කිරීමට මෙය ඉතා හොඳම ක්‍රමයක් වේවි. මංද ගැහැණු ළමුන් මේ ඉටිපන්දම් එළිය සහිත අඩ අඳුරට ඉතාමත් ප්‍රිය කරන නිසා. මේ තුළින් ඇති කරන  ශෘංගාරාත්මක බවට ඇය ඉතාමත් කැමති වේවී. ඒ තුළින් ඔබේ ආදර යෝජනාව මල් ඵල දරයි. එම රාත්‍රිය ඇයගේ ප්‍රියතම රාත්‍රිය බවට පත් වේවි. මිහිරි සංගීතයකට සවන් දෙමින් ආහාරපාන රසවිදින අතරතුර  ඔබේ ආදරය වචන වලට පෙරළන්න. ඒ නිදහස් බව තුළින් ඇගේ සිත ගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා නිතයි. ඉටිපන්දම් එළිය තුළින් ඔබේ මනෝභාවයන් සහ  ප්‍රෙමණීය හැගුම් පරිපූර්ණත්වයට පත් කරයි.

3 ඔබට ඇයව ප්‍රථමවතාවට හමු වූ ස්ථානයේදී ඇයට ආදරෙයි කියන්න

ඔබ එකිනෙකා ප්‍රථමවතාවට හමු වූ ස්ථානයේ ඇයට ඔබගේ යෝජනාව පවසන්න.මෙය ඇයගේ මුලු ජීවිත කාලය පුරාවටම මතක හිටින සුන්දර මතකයක් බවට පත් වේවී. ඇගේ කැමැත්ත ඔබට නියත වශයෙන් හිමි වේ.

4 සුවිශේෂි දිනයක ආදරය ප්‍රකාශ කරන්න

එනම් ඇගේ උපන් දිනය දා, නත්තල් දා,දිවාලි දින, ආදරවන්තයන්ගේ දිනයේදී වගේ සුවිශේෂී දිනයකදී යෝජනවා සිදු කරන්න .මේ දවස් ජාතික නිවාඩු දින වගේම ආදරය පිරුණු දවස් ඒ නිසා ඇයට මෙන්ම ඔබටද සුවිශේෂී වන දිනයක් මේ සඳහා තොරා ගන්න. ඔබ සැලසුම් කරන්නේ ඇගේ උපන්දින උත්සවය යැයි සිතන්න එදිනම ඔබ ඔබේ විවාහ යෝජනාව ප්‍රකාශ කිරීමෙන් ඇගේ සිත ඔබට ආදරය කරන්නට පටන් ගනීවී.

5 චිත්‍රපට විවේකයක් අතරතුර ඔබේ යෝජනාව සිදුකරන්න

මෙය ඉතාමත් පහසු ක්‍රමයක් චිතපටය අතරතුරම ඇගේ ප්‍රතිචාරය කෙබඳුද යන්න ඔබට වින්ශ්චය කිරීමට හැකියාව ලැබේ.

6 ටී ෂර්ට් එකක් හරහා යොජනා කරන්න

ආදරය පිළිබදව ලියවුණූ වචන සහිත ටී ෂර්ට් එකක් ගන්න එහි “will you marry me” or “Do You Love Me” වැනි යෙදුම් තිබිය යුතුය. ඇය ගැවසෙන හැම තැනම හැකි නම් ඔබ එම ටී ෂර්ට් අඳින්න එවිට ඔබේ යෝජනාව ඇයට තේරුම් ගැනීමට හැකි වේවි. එවිට ඔබ ඇයට සුවිශේෂී පුද්ගලයෙක් බවට  පත් වේවි.

7 විනෝද චාරිකාවක් අවස්ථාවකදී යෝජනා කරන්න

මේක ඉතාමත් සරල ඒවගේම රොමෑන්ටික් ක්‍රමයක්. චොක්ලටි එකක් ඇතුලේ මුද්දක් හංගලා දෙනවා වගේ නෙමෙයි සැහැල්ලු පරිසරයක  ඔබේ ආදරය ඔබේ මුවින්ම ප්‍රකාශ කරන එක චාරිකාව අතරතුර ආදර ගීතයක් ගයමින් ඇගේ හිත දිනා ගන්න ඔබට පුළුවන්කම ලැබේවී.

8 ගුවන් විදුලිය හරහා ඔබේ යෝජනාව සිදු කරන්න

ගැහැණූ ළමයි ගොඩක් නිර්භීතයි.ගොඩක් දෙනා ඉදිරියේ තමාට කෙනෙක් ආදරය පුකාශ කරනවාට ගැහැණු ළමයි ගොඩක් කැමති. මේ සදහා ගුවන් විදුලි වැඩසටහනක් හරහා ඇයට ආදරය ප්‍රතාශ කිරීමෙන් ඇගේ හිත දිනා ගන්න ඔබට පුළුවන්කමක් ලැබේවී. ආදාළ ගුවන් විදුලි නාලිකාව සුසර කරන ලෙස  ඇයට ඇමතුමක් ලබා දී එම වැඩසටහන ඔස්සේ ඇයට ආදර යෝජනාව සිදු කරන්න. ඔබේ ප්‍රියතම ආදර ගීතය ඇය වෙනුවෙන් ලබා දෙන්න.නියත වශයෙන්ම ඇය ඔබට සිය කැමැත්ත පළ කරාවී.

9 තෑගි පෙටිටියක සැගවී ඇයව පුදුම කරවන්න

මෙය තරමක් අපහසු වුණත් මෙවැනි දෙයකින් ඇය ඉතාමත් පුදුමයකට පත් වේවි.තෑගි කඩදාසි ඔතා එම පෙට්ටිවය තුළ ඔබම සැඟවී ඇය වෙනුවෙන් ඔබේ අතේ මුද්දක් තබා ගන්න එයින් ඇය වඩාත් පුදුමයකට පත් වේවි. නියත වශයෙන්ම ඇය එබට හා  කියාවී.

10 බැනරයක් ලියා යෝජනා කරන්න

ඔබ ඔබේ හැඟීම් ප්‍රකාශ කිරීමට බයයි නම් හෝ එය ප්‍රකාශ කිරීමෙන් පසුව ලැබෙන ප්‍රතිචාරයට බයයි නම් එවිට ඔබට මෙවැනි ක්‍රමයක් හරහා ආදරය ප්‍රකාශ කළ හැකිය. මේ තුළ ඔබේ යෝජනාව ප්‍රකාශවන ආකාරයේ වදන්  එහි සටහන් කර ඇය නිතර ගැවසෙන තැන්වල එය ප්‍රදර්ශනය කළ හැකිය. එයින් ඔබ ඇයට කැමැත්තෙන් පසුවන බව ඇයට වැටහෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here