කොන්ඩම් දැම්මත් අනාරක්ෂිතයි

0
193

ලිංගික ඇසුරක් පවත්වා ගෙන යාමේ දී බොහෝ අය කෝනඩම් පාවිච්චි කරනවා. හැබැයි කෝන්ඩම් කියන්නනේ ලිංගික ඇසුරකදී 100%ක් ආරක්ෂිත දෙයක් නොවන බව ඔප්පුවෙලා තියෙන බව වෛද්‍යවරු පවා පවසනවා.

මේ ගැන දන්න පිරිස වගේම නොදන්න පිරිසත් ඉන්නවා. ලිංගික ඇසුරක් නිසා ඔබට ජීවිතයේ වරදින්නට පුළුවන් බොහෝ තැන් තියෙනවා.

පිරිමියකුට කිසිම ආකාරයකින් ප්‍රශ්නයක් නොවන, එහෙත් ස්ත්‍රියකට බොහෝ විට විය හැකි නරකම දේ තමා ගැබ් ගැනීම.

සාමාන්‍යයෙන් අද කාලයේ පිරිමියෙකුත් ගැහැණියෙකුත් ආදර සම්බන්ධතාවයක් ඇති කරගත්තාට පසුව ඒ දෙදෙනා අතර විවාහයට පෙර සිදුවන ලිංගික සබඳතා ඇතිවීමට ඇති හැකියාව වැඩි. ඒක නිවරදි දෙයක් කියලා සාධාරණීකරණය කරනවා නම් නෙමයි,  මේ හේතුවෙන් ඔබ නොදන්නා බොහෝ ගැටළුකාරී තත්වයන්යට ඔබට මුහණ දෙන්න සිදු වෙනවා.

එහෙම සිද්ද වෙන්න‍ෙ තමන් කරන දේ ගැන නිසි අධ්‍යාපනයක්, අවබෝධයක් නොමැතිකම නිසා. මේ නිසා සිද්ද වෙන්නේ තවත් එක් ගැහැණියක් අසරණවීම, නැතිනම් අනිසි ගැබ් ගැනීම් හෝ ලිංගික රෝගවලට ගොදුරු වීමයි.

හැබැයි එහෙම වෙයි කියලා හිතාගෙන භාවිතා කරන විවිධ ආරක්ෂක ක්‍රමවලින් ද ඔබව එම තත්වයට ඇද වැටෙන්න පුළුවන්. මේ කියන්නේ අන්න ඒ ගැන.

ලිංගිකව එකතුවීමේදී ආරක්ෂණ උපක්‍රමයක් ලෙස භාවිතා කරන කොන්ඩම් නිසා ඔබටත් මෙවැනි ගැටලු ඇති වන්නට පුලුවන්. ඒ නිසා ඒ පිළිබඳ අනබෝධයෙන් යුක්ත වීම ඉතාමත් වැදගත්.

1. ලිංගික හර්පීස්

හර්පීස් තුවාල පුරුෂ ලිංගය මත හෝ ස්ත්‍රී යෝනි මාර්ගය තුල  ඇත්නම් කොන්ඩම් භාවිතයෙන්  එය බෝවීම වළක්වා ගත හැක. නමුත් කලවා ඇතුළු අනෙකුත් ස්ථාන හෝ සමේ ස්පර්ශවීම මගින් රෝගය බෝ වේ.

2. ලිංගික උකුණන්

රෝම එකිනෙක ස්පර්ශ වීම මගින් මෙම රෝගය බෝ වේ. මෙම රෝගී තත්වයෙන් ආරක්ෂාවීමට කොන්ඩම් පැළඳීමෙන් හැකියාවක් නොලැබේ. ලිංගික ප්‍රදේශ රෝම ඉවත්කර පිරිසිදුව තබාගැනීම (දෙදෙනාම හෝ ලිංගික කාර්යයට එක්වන අය) තුළින් බොහෝ දුරට වලක්වා ගත හැක.

3. ලිංගික ඉන්නන්

හර්පීස් මෙන්ම ස්පර්ශයෙන් බෝ වේ. කොන්ඩම් මගින් වලක්වා ගත නොහැක.

4. ඒඩ්ස්

ලේටෙක්ස් කොන්ඩම්වල ඉතා කලතුරකින් ඇතිවන ඉතා කුඩා (ශුක්‍රාණුවලටවත් යා නොහැකි ) සිදුරු තුලින් ඒඩ්ස් වයිරසයට රිංගා යා හැක. මෙය ඉතා කලාතුරකින් සිදුවන නමුත් අවදානමක් පවතී.

5. සිෆිලිස්

කොන්ඩම මත තැවරෙන ස්‍රාවයන් සමේ තැවරීම මගින් සිෆිලිස් බෝවිය හැක.

6. හෙපටයිටිස් බී

මෙයද ස්‍රාවය තැවරීම මගින් බෝවීම සිදුවේ.

7. ක්ලැමීඩියා

පහසුවෙන් රෝග ලක්ෂන නොපෙන්වන මෙම රෝගයද  ලිංගික ස්‍රාවයන් සම මත තැවරීමෙන් බෝවේ.

8. ගර්භනීභාවය

කොන්ඩම් මගින් 100% ගර්භනීභාවය වැලක්විය නොහැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here