කේරළ ගංජා ආනමඩුවෙන් මාට්ටු

0
66

කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු ආනමඩුව, නවගත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ඇතිව සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා ප්‍රකාශ  කරයි

කිලෝ ග්‍රෑම් 05 බරැති මෙම ගංජා තොගය වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබිය දී  නාවික හමුදා බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පුත්තලම පොලීසිය වෙත බාරදීමට පියවර ගන්නා බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here