කොටුවේ බෝම්බ ප්‍රහාරයට උඩගෙඩි දුන් වරදකරුට සිරදඬුවම්

0
42

 

2008 වසරේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බ  පුපුරුවා ගත් කොටි කතට අනුබල දුන් බවට වැරදිකරු වූ  කනගසබේ දේවදාසන් නොහොත් නාදන් නැමැත්තාට අද (29) බරපතල වැඩ සහිතව වසර 20 ක සිර දඩුවම් නියම වුණා.

ඔහුට එරෙහිව ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබුණු අතර  මෙම නඩුවට අදාළ තීන්දුව අද (29)  ප‍්‍රකාශයට පත් කළේ කොළඹ මහාධිකරණය විසිනි.

මෙම  බෝම්බ ප‍්‍රහාරයෙන් කොළඹ ඞී.එස්.සේනානායක විද්‍යාලයේ බේස්බෝල් ක‍්‍රීඩකයින් 8 දෙනෙක්  ඇතුළු පුද්ගලයින් 16 දෙනෙකු ජීවිත අහිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here