‘කොස්ගොඩ ලොකූ’ නමැති පාතාල සාමාජිකයා ඝාතනය කරයි

0
49

යතුරු පැදි දෙකකින් පැමිණි 06 දෙනෙකුගේන් යුත් පිරිසක් වැලිපැන්න මීගම දියහොරඩුව ප්‍රදේශයේ දී ඊයේ (08) මධ්‍යම රාත්‍රි‍යේ සිදු කළ වෙඩි තැබීමකින් ‘කොස්ගොඩ ලොකූ’ නමැති පාතාල සාමාජිකයා මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.
මෙසේ මියගොස් ඇත්තේ 2 කණුව, කොස්ගොඩ පදිංචි නුවන් චාමර අබේසේකර හෙවත් ‘කොස්ගොඩ ලොකූ’ නමැති 24 හැවිරිදි පාතාල සාමාජිකයෙකි.
ඊයේ රාත්‍රියේ මියගිය නුවන් චාමර අබේසේකර හෙවත් කොස්ගොඩ ලොකූ යද්දෙහිගේ දිල්ෂාන් මධුසංක සිල්වා නමැති අය සමග කැප්පෙට්ටියගහලන්ද දර්ගානගරය පදිංචි සුමිත් චන්දන හෙවත් “මැණිකා” නමැති අයගේ නිවසට පැමිණ ඇත්තේ මත්පැන් පානය කිරීමේ අදහසිනි.
එහි දී මැණිකා නමැති පුද්ගලයා ‘සරා මල්ලි’ නම් පුද්ගලයෙකුට දුරකතනයෙන් කතා කර මත්පැන් පානය කිරීමට තැනක් විමසා ඒ අනුව මීගම දියහොරඩුව ප්‍රදේශයට පැමිණ ඇති අතර එහි දී ‘සරා මල්ලි’ නම් පුද්ගලයා හමු වී ඇත.
එම පුද්ගලයා සමග කතා කරන අතර මාර්ගයේ පසෙකින් සැඟ වී සිටි පුද්ගලයෙකු වෙඩි තබා තිබේ.
එම වෙඩි ප්‍රහාරයට ලක් වූ නුවන් චාමර හෙවත් ‘කොස්ගොඩ ලොකූ’ සහ සුමිත් චන්දන හෙවත් මැණිකා එම ස්ථානයේම වැටී ඇති අතර දිල්ෂාන් මධුසංක එම ස්ථානයෙන් ඉවතට පැන සැඟ වුණ ද ඔහුගේ වම් කකුලට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.
තුවාලකරුවන් දර්ගානගර රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් නුවන් චාමර හෙවත් ‘කොස්ගොඩ ලොකූ’ මියගොස් ඇති අතර සුමිත් චන්දන සහ දිල්ෂාන් මදුසංක වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ මහා රෝහලට ඇතුළත් කර ඇත.
සුමිත් චන්දනගේ තත්ත්වය බරපතලවන අතර ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් දිල්ෂාන් මදුසංක 3 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
දිල්ෂාන් මදුසංක පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් යතුරු පැදි දෙකකින් පුද්ගලයන් 06 දෙනෙකු මෙම ඝාතනය සඳහා පැමිණි බවත් එයින් 05 දෙනෙකු හඳුනා ගත් බවත් පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here