කොළඹින් යාචකයන් ඉවත් කෙරේ

0
43

කොළඹ නගරයේ සංවර්ධනය නගා සීටුවීමට එහි වෙසෙන යාචකයන් ගවයන් හා සුනඛයන්  මාස තුනක කාලයක් ඇතුළත ඉවත් කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ (24) මහනුවර පැවති ‘මහනුවර ලෝක උරුම නගරය’ පිළිබඳව මාධ්‍යවේදින් දැනුවත් කිරිමේ වැඩසටහනේ දී  පැවසීය.

මේවන විට කැස්බෑව ප්‍රදේශයේ ගවයන් ඉවත් කර අවසන් බවත් ඉදිරි මාස තුන ඇතුලත කොළඹ නගරයේ මාහා මාර්ගවල ගවයන් අල්ලා ඉවත් කරන බවත් ඔහු පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ”කොළඹ ප්‍රදේශය පුරා  යාචකයන් වර්ග දෙකක් ඉන්නවා.ඒ ස්ථිරසාරව නගරය තුළ බොහෝසේ දුක්ඛිතව ගෙවන යාචකයන් 600 ක් පමණ හා පිටතින් පැමිණ උදේ සිට සවස දක්වා සිටින යාචකයන්. මුල් යාචකයන් මෙන් පස් ගුණයක් ඔවුන් සිටිනවා. පූර්ණකාලීන යාචකයන් මේ වසර තුළ ඉවත් කිරීම සිදුකරනවා. එලෙසම අර්ධකාලීන රැකියාවක් ලෙස කොළඹ සිටින යාචකයන් පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරනවා.

එමෙන්ම  සුනඛයන් සම්බන්ධ ගැටලුව විශාල ගැටලුවක්. කොළඹ නගරය හා අවට ප්‍රදේශය තුළ සුනඛයන් 16,000 ක් පමණ ඉන්නවා. සුනඛයන් වෙනුවෙන් පෙනීසිටින සංවිධානවලින් ඉල්ලා සිටින්නෙ, මේ සුනඛ ගැටලුව පාලනය කිරීමට මේ වනවිට කාලය උදාවෙලයි තියෙන්නේ. ඒ සදහා ඒ අදාළ අංශ යොමු විය යුතුයි” යනුවෙන් ඔහු පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here