කොළඹ කුණු කරදියානට එපා කියමින් විරෝධතාවක්

0
44


කොළඹ නගරයේ එකතුවන කැළි කසළ පිළියන්දල – කරදියාන කසළ අංගනයට බැහැර කිරීමට එරෙහිව මේ වනවිට ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වෙමින් පවතී.
වේරහැර – රත්මලාන මාර්ගය, බොරුපන පාලම අසලින් හරස් කර ඔවුන් විරෝධතාවයේ නිරතවන බැවින් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇත.
කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය කරදියාන කසල අංගනයට කසල බැහැර කිරීමට ඊයේ (18) අවසර ලබා දී තිබේ.
මේ වනවිට පැවැත්වෙන විරෝධතාවය හේතුවෙන් කසල රැගෙන පැමිණි ලොරි රථ 30කට ආසන්න ප්‍රමාණයක් එම ස්ථානයේ නවතා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here