කෝටිපති ව්‍යාපාරික පවුලක වැඩිමහල් දියණිය වූ තරින්දිගේ මරණය ගැන ප්‍රභල සාක්ෂි රැසක් අනාවරණ වෙයි

0
7997


තරුණ ව්‍යාපාරිකයා අතුරුදන්

තරින්දි රට යන්න ඉඳලා තියෙන්නේ

කොට්ටාව, මත්තෙගොඩ පාරේ කෝටිපති ව්‍යාපාරික පවුලක වැඩිමහල් දියණිය වූ තරින්දි ආලෝකාගේ සාහසික ඝාතනය සම්බන්ධයෙන් ඉතා වැදගත් සාක්ෂි රැසක් මේ වනවිට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
අදාල සිද්ධිය වූ අවස්ථාවේ දී කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ තරින්දිගේ පියා සහ මව නිවසේ හිඳ නොමැති බවට වාර්තා වේ.
ඇයගේ ගෙළ ප්‍රදේශයට පිහි පහර 03ක් පමණ එල්ල කර තිබූ අතර ඒ සඳහා උපයෝගී කර ගත් පිහිය ද ඇඳ අසල වැටී තිබූ බව පොලීසිය සඳහන් කරයි.
ඝාතනයට ලක් වූ 26 හැවිරිදි තරින්දි ආලෝකා රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරමින් සිටි බවත් ඇය ළඟදි විදෙස්ගතවීමට අපේක්ෂාවෙන් පසු වූ බවත් වාර්ත වේ.
එම නිවසට මීට මාස කිහිපයකට ඉහත දී සීසීටීවී කැමරා පද්ධතියක් සවි කර තිබේ. ඒ ඔස්සේ මේ වනවිටත් ප්‍රභල සාක්ෂි රැසක් පොලීසිය විසින් අනාවරණය කර ගෙන ඇති බව පැවසේ.
මාතර, හක්මන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු එම නිවසට නිතර ආ ගිය බව වාර්තාවන අතර ඉකුත් 21 වැනි දා පස්වරුවේ සහ ඝාතනය සිදු වූ දිනයේ පෙරවරු 09.30 ත් 10.00 ත් අතර කාලයේ දී ඔහු එම නිවසට පැමිණි බවට ද සාක්ෂි ලැබී තිබේ.
මෙම සිදුවීමෙන් අනතුරු ව තරුණ ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.
මේ වනවිටත් විශේෂ පරීක්ෂණ කණ්ඩායම් 03ක් විසින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here