ගම්පෙරලිය වැඩසටහන ඇරඹේ

0
70

Related image

ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ සමාරම්භය අද (15දා) නිකවැරටියේදී සිදුවෙයි.

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් දියත් කරනු ලබන කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් ලෙස ගම්පෙරළිය වැඩසටහන හැඳින්වෙයි.

ඒ අනුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, නිකවැරටිය නගරය ආශ්‍රිතව අද (15දා) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සමාරම්භය සිදුවෙයි.

මීට සමගාමීව නිකවැරටිය කණුකැටිය මුඩත්තව වැව ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹීම, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටර විවෘත කිරීම, ලංකා බැංකු ශාඛාව – නිකවැරටිය බස්නැවතුම්පොළ අසල දියුණුවේ රැලිය සිදුකිරීම ආදී වැඩසටහන් ගණනාවක් දියත් සිදුකෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here