ගාලු මුවදොරපිටියේ රැළියට පැමිණ දිවි අහිමි වූවන් ගැන මදු මාදව කතා කරයි

0
286

ගාලු මුවදොරපිටියේ පැවැති මැයි රැළියට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනෙකු මිය යාමේ සිදුවීමත් සමග මදු මාදව අරවින්ද ඒ සම්බන්ධයෙන් සිය හඬ අවදි කර තිබේ. ඒ ඔහුගේ ෆේස්බුක් පිටුවේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්විමිනි.
අධික රශ්මිය සහ විඩාව හේතුවෙන් ඊයේ (01) දිනයේ දී රෝගි වූ පුද්ගලයින් 05 දෙනෙකු පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ඔවුන්ගෙන් පුද්ගලයන් දෙදෙනෙකු රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව වාර්තා වේ.
එලෙස මිය ගොස් ඇත්තේ මහනුවර සහ නිවිතිගල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 80ක් සහ 62ක්වන පුද්ගලයන් දෙදෙනෙකි.
මදු මාදව අරවින්ද ඒ සම්බන්ධයෙන් දැක් වූ අදහස් පහතින් :
“ගාලුමුවදොර දී අප හැර ගිය අප්පච්චිලාට
නිවන් සුව ලැබේවා…..
වයස 82, වයස 62 ඔබ ජීවිතේ අරගෙන,
මේ සෙනග ගොඩේ කොහේ හරි ඉන්න ඇති.ගොඩක් තෙරපෙන්න ඇති.ඒත්…
අපි කවුරුත් මැරෙනවා….හැබැයි අපි මැරෙනකම්ම ජීවත් වෙනවා තාත්තේ….
ඔබ දෙදෙනා මිය ගියේ….
චන්දෙන් පැරදුන උන් ඇමති කම් කරන්න
ආත්මෙ පාවා දුන්න හිවල්ලු එක්ක ගිහින් නෙවේ.
නිදහස් පක්ශය unp එකට විකුනල…
එක චන්දක් සන්දානෙට අරන් නොදී
විලි ලැජ්ජ නැතිව සන්දානේ සබාපති වෙච්ච සිරිසේන බලන්න ගිහින් නෙවෙයි…
තමන් නායකයා ,රජතුමා කියපු කටින්ම,
U.n.p සතුටු කරන්න මහින්ද ට බෑ කියන
දේශපාලන ගනිකාවන් ඇමති කම් කරන ගැටබේ ගනිකා මඩමට ගිහින් නෙවෙයි….
ඇත්තෙන්ම u.n.p./ j.v.p රැලිවලට ගිය පිරිස ඔවුන්ගේ දේශපාලනය වෙනුවෙන් එය කල අතර…එය ඔවුන්ගේ ශුද්ධ වූ අයිතියයි.
ගැටබෙට ගිය කල්ල තෝනි තාත්තල,අම්මල…බත් බැලයන්…මොකක්ද උන්ගේ පක්ශය …. ලැජ්ජ වෙන්න…බත් ගොට්ටොටික…. ඔබේ නෑයෙක් මිතුරෙක් අම්මෙක් අප්පෙක් ගැටබෙ හුන්ඩුවේ බොරු මැයි රැලියට ගියා නම්… ඒ ගියේ වාසියට…බත් පැකට් එකට… ආත්මෙ විකුනන්න…
එහෙව් අය ජීවත් උනත් මැරිලා…..
රට ට වෙන නස්පැත්තිය තේරුම් අරන්…
ගාලු මුව දොරට ආව තාත්තල දෙන්නා..
මිය ගියත්…. ජීවත් වෙනවා…..
ඔබ එම දෙපල ගේ ගමේ නම්..නෑයෙක් නම්,
අඩු තරමේ මේ සෙනග ගොඩේ ඔබ හිටියානම්,
ලෝකෙ කොහේ හෝ සිට…හදවතින් ගාලු මුවදොර හිටියානම්…..
අපේ තෙරපීමෙන් මිය ගිය තාත්තල දෙන්නට
හිස නමා අපේ අචාරය පුද කරමු……
ඔවුන් මිය ගියේ…. සින්හයෝ ලක්ශ ගානක් මැද මිස… කේජු කෑල්ලට පක්ශය..රට… රටේ හෙට පාවාදුන්න නරියන් සමග නොවන බව…
මතක් කරමු..
-මදු මාදව අරවින්ද – ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here