ගැටඹෙන් ආ පිරිස ජවිපෙ බසයට ගල් ගසයි

0
44

ඊයේ (01දා) රාත්‍රීයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ මැයි රැලියට සහභාගි වූ පිරිසක් විසින් ජනතා විමුක්ති පෙරමුණ  සංවිධානය කරන ලද මැයි රැලියට සහභාගි වූ පිරිසක් රැගත් රඹුක්කන ලංගම ඩිපෝ බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මේ හේතුවෙන් බස් රථයට අලාභහානි සිදුව ඇතැයි පවසමින්  එහි රියදුරු වරකාපොළ පොලීසියට පැමිණිල්ලක්  කර ඇත.

ගැටඹේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලියට සහභාගි වී නැවත කොළඹ දෙසට ගමන් කරමින් සිටි පෞද්ගලික බස් රථයක ගමන් කළ පිරිසක් විසින් මෙම  ප්‍රහාරයය එල්ල කර ඇති බව   වරකාපොළ පොලීසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු වරකාපොළ පොලීසිය මඟින් සිදු කරනු ලබයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here