ගැටඹේ පවිත්‍ර කරන්න ජනපති යයි

0
79

ජාත්‍යන්තර වෙසක් උත්සව සැමරුමට සමගාමීව මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබන “පරිසරය පූජනීයයි” වැඩසටහන යටතේ පාරිසරික සත්කාරක වැඩසටහන  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ  ප්‍රධානත්වයෙන් අද (2) මහනුවර ශ්‍රී දළදා මාළිගාව අසලින් ආරම්භ කෙරුණි.

මධ්‍යම පළාත් මහඅමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සමඟ පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, අමාත්‍ය එස්. බී. දිසානායක යන අය ඇතුළුව මැති ඇමැතිවරුන්  කිහි දෙනෙකුම  මෙම අවස්ථාවට එක්ව සිටි අතර මහනුවර නගරයේ විශේෂ ස්ථාන පිරිසිදු කිරීම මේ යටතේ සිදු විය.

ශ්‍රී දළදා මාළිගාවට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දෑත් සෝදා පිරිසිදු කිරීමේ උපකරණ දෙකක් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත භාරදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

ඊයේ දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළිය පැවැත්වුණු මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිවරයා මැති ඇමතිවරු සමග ක්‍රිඩාංගණය පවිත්‍ර කිරිමේ කටයුතු වලටද එක් විය.
මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් මහඅමාත්‍ය සරත් ඒකනායක මහතා සදහන් කළේ වසරක් පාසා  මධ්‍යම පළාත් සභාව මගින් “පරිසරය පූජනීයයි” වැඩසටහන ක්‍රියාත්මක කරන නමුත් මෙවර ජාත්‍යන්තර  වෙසක් උත්සවය මහනුවරද  මූලික කර ගෙන පැවැත්වෙන බැවින් එම වැඩසටහ වඩාත් කාර්යක්ෂමව  සහ පුළුල්ව ක්‍රියාත්මක කරන බවයි.
එම ඡායාරූප පහතින්..

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here