ගැහැණුන්ගෙයි පිරිමින්ගෙයි හැබෑම වෙනස

0
53


කාන්තාවන් සහ පිරිමින් අතර ඇති සැබෑම වෙනස සෙවීම සඳහා පර්යේෂණයක් පසුගිය දා සිදු කෙරුණා. දායකයන් ලබාදුන් සිරුරේ පටක මගින් 20,000ක් පමණවන ජාන වෙන් වෙන් ව පරීක්ෂා කෙරුණා.
මෙහිදී කාන්තාවන් සහ පිරිමින් අතර වෙනස්කම් 6500ක් පමණ හඳුනා ගැනීමට වෛද්‍යවරු සමත් වී තිබෙනවා. ඊශ්‍රායලයේ වෙයිස්මාන් විද්‍යා පර්යේෂණ සරසවිය මගින් මේ පිළිබඳ පර්යේෂණ සිදුකර තිබෙනවා. ඔවුන් හඳුනාගත් ප්‍රධාන වෙනස්කම් කිහිපයක් පහත දැක්වෙනවා.
1. පිරිමින් පාකින්සන් රෝගයට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින අතර කාන්තාවන්ගේ ඇති විශේෂිත ජානයක් මගින් කාන්තාවන්ට පාකින්සන් රෝගයෙන් ගැලවීමට අමතර ආරක්ෂාවක් ලබා දෙනවා.
2. පිරිමින්ගේ මාංශ පේෂී වර්ධනය ඉහළවන අතර කාන්තාවන්ගේ මේද තැන්පත්වීම පිරිමින්ට වඩා වැඩියි.
3. පිරිමින්ගේ ඇති විශේෂිත ජානයක් මගින් සමෙහි රෝම වර්ධනය සිදු කරන බවත් කාන්තාවන්ගේ මෙම විශේෂිත ජානය නොමැති බවත් හෙළි ව තිබෙනවා.
4. පියයුරු සම්බන්ධ ජානවලින් අඩක් පමණක් පිරිමින්ට පිහිටා ඇති අතර කාන්තාවන්ට පිහිටා ඇති අමතර ජාන මගින් කිරි එරීම සිදුවන බව හෙළිවුනා.
5. ජාන විකෘතීන් වැඩි වශයෙන් සිදුවන්නේ කාන්තාවන් තුළ බව හෙළි ව තිබෙනවා. පිරිමින්ගේ ජාන බොහෝවිට නොවෙනස් ව පරම්පරාගතවන බවයි වාර්තා වන්නේ.
6. ඖෂධ සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරිත්වය ද කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ වෙනස් ආකාරයට සිදුවන බව විද්‍යාඥයෝ පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතයේ දී කාන්තාවන් ඉක්මණින් මත්වන බවයි. එයට අක්මාවේ පවතින විශේෂිත ජානයක් නිසා එසේ සිදුවන බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here