ගීතාගේ ඇපෑල යළි සලකා බැලීම අද

0
50


ගාල්ල දිස්‌ත්‍රික්‌ (එජනිස) මන්ත්‍රී ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කිරීමට අභියාචනාධිකරණය දුන් තීන්දුව අභියෝගයට ලක්‌ කරමින් ගොනු කළ ඇපෑල පෙත්සම අද (15) යළි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි.
කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය අහෝසි කරමින් ලබා දී ඇති නඩු තීන්දුව ක්‍රියාත්මකවීම ද ඉකුත් 12 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවනු ලැබූ අතර එම අත්හිටුවීමේ නියෝගය අද දිනය තෙක්‌ බල පැවැත් වේ.
අභියාචනාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක්‌ ගොනු කර තිබේ. ඇපෑල පිළිබඳ විභාගයක්‌ පවත්වා අවසන් වනතුරු අභියාචනාධිකරණ නඩු තීන්දුව අත්හිටුවන ලෙසට ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා 12 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඒ අනුව අභියාචනාධිකරණ තීන්දුව අද දක්‌වා අත්හිටුවූ ශ්‍රේෂ්ඨාධිකරණය ඇපෑල් පෙත්සම අද යළි කැඳවීමට ද සියලු පාර්ශවලින් ඉදිරිපත්වන කරුණු සලකා බලා සුදුසු තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කරන බව ද සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here