ගීතාගේ පුටුව පියසේනට

0
60

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට ගාල්ල දිස්ත්‍රික්කයේ ඊළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයාගේ නම ගැසට් කිරීමට නියමිත බව වාර්තා වේ.

ගීතා කුමාරසිංහ ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස සිටිය දී ස්විට්සර්ලන්තයේ ද පුරවැසි භාවය ලබා සිටීම හේතුවෙන් එය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු කරුණක් බව අභියාචනාධිකරණය විසින්  තීන්දු  කර ඇත.

ඒ අනුව ගීතාගෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වූ ඇති බව එහි මහලේකම් ධම්මික දිසානායක මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසම විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ ගීතා කුමාරසිංහට පසුව ඊළඟට වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරයාගේ නම දන්වන ලෙස ලිඛිතව ගාල්ල දිසාපතිවරයා වෙත දැනුම් දෙනු ඇත.

මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ගීතාට පසුව වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා වන්නේ හිටපු ඇමැති පියසේන ගමගේය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here