අද ගීතාට තීරාණාත්මක දවසක්

0
61


එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහට මන්ත්‍රි ධුරයක් දැරීමට අයිතියක් නැතැයි පවසමින් ගොනු කර තිබූ පෙත්සම පිළිබඳ තීන්දුව අභියාචනාධිකරණය අද (03) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
අභියාචනාධිකරණයේ සභාපති විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරුවරුන් හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත් විය.
ගීතා කුමාරසිංහ ශ්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි අයෙකු බැවින් ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි ඡන්දදායකයන් 05 දෙනෙකු විසිනි. ඒ, 2015 වසරේ මාර්තු මාසයේ දී ය.
මෙහි වගඋත්තරකරුවන් ලෙස ගීතා කුමාරසිංහ මන්ත්‍රීරීවරියට අමතරව ආගමන විගමන පාලකවරයා, නිදහස් සන්ධාන මහලේකම්වරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා නම් කර තිබේ.
පසුගිය මාර්තු මස 14 වැනි දා මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සළකා බැලුනු අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ත්ව පුරවැසිභාවය හිමි අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරිය නොහැකි බවයි.
මේ දක්වා ඇය ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ඉවත් කරගෙන ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක කටයුතු කළ නොහැකි බව ද නීතීඥවරුන් අධිකරණයේ දී සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here