ගීතා ගෙදර යැවීම අදහා ගත නොහැකියි-ජී.එල්

0
54

ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපිල් කරන බව කතානායකවරයාට හා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට දන්වා තිබියදීත්, ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබීම අදහ ගත නොහැකි දෙයක් යැයි ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී. එල් පිරිස් පවසයි.

යම් මන්ත්‍රීවරයකුගේ පාර්ලිමේන්තු ආසනය අහිමිවන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කළ අවස්ථාවක දින 42ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමේ අයිතිය සියලු මන්ත්‍රීවරුන්  සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබා දී ඇතැයිද ඔහු සඳහන් කළේය.

ගීතා කුමාරසිංහ සම්බන්ධයෙන් අවසාන තීින්දුව ගැනීමේ අයිතිය ඇත්තේ අභියාචනාධීකරණයට නොව ශ්‍රේෂ්ඨාධිකරණයට බව හා  ශ්‍රේෂ්ඨාධිකරණ  තීන්දුව ලැබෙන තුරු ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි නොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අද (09) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති එ්කාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ එ්කකයේ ජනමාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here