ගුටි හුවමාරුවක් නිසා උන්හිටි තැන් අමතක වූ ගුවන් මගීන් දෙදෙනෙක් (VIDEO)

0
63


ක්ෂණික ව හටගත් කෝපය පාලන කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ගුවන් යානයක් තුළ දී පුද්ගලයින් දෙදෙනෙක් අතර ගැටුමක් හටගෙන තිබේ.
ජපානයේ ටෝකියෝ සිට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් තුළ සිටි මගීන් දෙදෙනෙක් අතර එම ගැටුම සිදු වී ඇත.
එම ගැටුම හටගෙන ඇත්තේ, බීමත් ව සිටි අමෙරිකානු මගියෙකු සහ තවත් මගියෙකු අතර ය.
බීමතින් සිටි අදාළ අමෙරිකානු ජාතිකයා ජපාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වෙතත් එරට පොලීසිය ඔහුගේ අනන්‍යතාව හෙළි කර නොමැත.
මෙම සිදුවීම හේතුවෙන් ගුවන් ගමන විනාඩි 50ක් ප්‍රමාද වී ඇති බැවින් එහි සිටි සෙසු මගීන් ද නොසන්සුන්තාවට පත් ව තිබේ.
එම වීඩියෝව පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here