ගුවන් පුහුණුවේදී හමුදා සෙබළියක්‌ සහ කපිතාන්වරයකු අනතුරට ලක් වෙයි

0
56

ගුවන් පුහුණුව ලබමින් සිටියදී අධිබලැති විදුලි රැහැනක ගැටී යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කපිතාන්වරයකු සහ ලාන්ස් කෝප්‍රල්වරියක අනතුරකට ලක්වීමෙන් ඔවුන් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ඌව කුඩාඔය යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයේ ඊයේ (1) පෙරවරු 10.30 ට පමණ ගුවන් පැරෂුට් පුහුණුව ලබමින් සිටියදී මොවුන්  අනතුරට ලක්වී ඇත.

අධිබලැති විදුලි රැහැනක පැරෂුටය ගැටීමෙන්  ගිනි ගෙන එයින් පිළිස්සීම්වලට ලක්වූ ලාන්ස් කෝප්‍රල් 59838 ඒ. බි. බි. එන්. ගුණතිලක සහ පැරෂුටයෙන් බිමට ඇද වැටීමෙන්  තුවාල ලැබූ කපිතාන් එච්. එන්. එස්. එස්. විජේසූරිය මෙලෙස රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

කපිතාන්වරයාගේ එක් පාදයකට බලවත් හානි සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here