ගෘහ සේවයට ගිය කාන්තාවකගේ නරක් වූ මළ සිරුර පෙට්ටියක අසුරා ලංකාවට එවයි

0
46


ගෘහ සේවිකාවක් ලෙස මැද පෙරදිග ගිය කාන්තාවක් ඝාතනය කර ඇගේ නරක් වූ සිරුර පෙට්ටියක අසුරා ශ්‍රී ලංකාවට එවීමේ සිද්ධියක් පසුගිය දා වාර්තා විය.
මීට වසර 1 1/2 කට පමණ පෙර දී මෙම 32 හැවිරිදි කාන්තාව විදේශගත වී තිබේ. කනපති පුල්ලේ කුමාරි නමැති ඇය දෙදරු මවකි. එරාවුර් ප්‍රදේශයේ පදිංචිව සිටි ඇයගේ සැමියා ඇය අතහැර ගොසින් සිටින බව වාර්තා වේ.
ඇය මැද පෙරදිග ගිය පසු පසුගිය වසර 1 1/2 කාලයේ තම ඥාතින්ට දුරකතනය මගින් දන්වා ඇත්තේ ඇය සේවය කළ නිවසේ මහලු කාන්තාවක් සිටින බවත් ඇය තමාට නිතර නිතර පහර දී හිරිහැර සිදු කරන බවයි.
මිය ගිය කාන්තාවගෙන් ඇගේ සොහොයුරියට අවසන් වරට දුරකතන ඇමතුමක් ලැබී ඇත්තේ 2016 අප්‍රේල් මාසයේවන අතර පසුව ඇගෙන් තොරතුරක් ලැබී නොමැත.
එහෙත් 2017 පෙබරවාරි මස ඇය මියගිය බව සෞදි අරාබියේ තානාපති කාර්යාලය මගින් ඥාතින්ට දන්වා ඇති අතර මියගිය කාන්තාවගේ සිරුර හමුවීමට පසුබිම් වී ඇත්තේ ද මියගිය කාන්තාව වාසය කළ මැද පෙරදිග මහල් නිවාසවල පැතිර ගිය අධික දුර්ගන්ධයකි.
ඒ පිළිබඳ ප්‍රදේශවාසීන් පොලීසියට දැන්වීමෙන් පසු එම මහල් නිවාස පරීක්ෂා කළ අවස්ථාවේ මියගිය කත මරා ඇගේ සිරුර බෑගයක ඔබා එම සෞදි නිවසේ නාන කාමරයේ සඟවා තිබෙන බව හෙළි වී තිබේ.
එම බෑගය අසල තවත් ගමන් මලු දෙකක එම කාන්තාවන් ඇඳුම් පැළඳුම් ආදිය අසුරා තිබිය දී සොයාගෙන ඇතැයි වාර්තා වේ. අනතුරු ව ඇගේ සිරුර පෙට්ටියක දමා සීල් කර ශ්‍රී ලංකාවට එවා ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here