”ප්‍රශ්නය විසඳන්න මං ලංකාවට එනවා” – ගයාන්ගේ හිටපු බිරිඳ හඬා වැලපෙමින් කියයි (VIDEO)

0
71

ජනප්‍රිය තරු කරන කියන දේවල් සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විපරමින් සිටින්නේ දිනෙන් දින ඔවුන් කතා මවන නිසාම විය හැකි ය.  එලෙස විපරමට ලක් වූ ජනප්‍රිය තරු යුවළක් වූ චතුරිකා පිරිස් සහ ගයාන් වික්‍රමතිලක ගැන නැවත අවධානය යොමුව තිබෙන්නේ ගයාන් වික්‍රමතිලකගේ හිටපු බිරිඳවන  ‘ෆර්ෂිනා ලතීෆ්’ විදෙස් රටක සිට අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් ඇයගේ දුක ප්‍රකාශ කිරීමේ සිදුවීමත් සමගිනි.
තමන්ට සිදු වූ අසාධාරණය පිළිබඳ ප්‍රකාශ කීරීමට කිසිඳු මාධ්‍යයක් මගින් අවස්ථාවක් උදාකර නොදීම හේතුවෙන් තම එලෙස වීඩියෝවක්  වෙබ් අඩවියකට නිකුත් කිරීමට කටයුතු කළ බව ඇය සඳහන් කරයි.
“චතුරිකා දන්නවද අම්ම කෙනෙක්ගේ හැගීම්”, “ඇයි චතුරිකාටයි ගයාන්ටයි ඒ දෙන්නගෙම දරුවෙක් හදාගන්න බැරි?”, ”ගෙවෙන හැම තප්පරයක් ගානේ මං අඩනවා”, ”ගෙවල්වල වැඩකාරකම් කරන්න උනේ ගයාන් හින්දා”, ”ප්‍රශ්නය විසඳගන්න මං ළඟදීම ලංකාවට එනවා” යනුවෙන් දිගින් දිගටම හඩා වැලපෙමින් ඇය ප්‍රකාශ කරයි.
එම වීඩියෝව පහතින්:

https://www.youtube.com/watch?v=pDYvcjmB9qI

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here