විදෙස් මාධ්‍යවල පළ වූ ඝාතන චෝදනා ගෝඨා ප්‍රතික්ෂේප කරයි

0
65

තමා ආරක්ෂක ලේකම් ධුරය දැරූ සමයේ විවේචකයන් නිහඬ කරලීම සඳහා ඝාතන කල්ලි මෙහෙය වූ බවට එල්ලවන චෝදනා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කරයි.
ඔහු මෙලෙස මාධ්‍යවේදීන් සහ විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා රහසිගත ඝාතන කල්ලි මෙහෙයවා ඇති බවට රහස් පොලීසිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
ප්‍රංශ පුවත් සේවය සහ අල්ජසීරා රූපවාහිනිය මෙම පුවත වාර්තා කර තිබූ අතර එය නිවැරදි කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයා එම ආයතන වෙත ලිපියක් යොමු කර ඇත.
එලෙස ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව එම අධිකරණයේ දී කිසිසේත් ප්‍රකාශ වී නොමැති බව එමගින් පෙන්වා දී ඇත.
හිටපු ආරක්ෂක ලේකම්වරයා එම පදවිය දැරූ සමයේ සිවිල් නිලධාරියෙකු බවත්, හමුදා ඒකකයක් රහසිගත ව පවත්වා ගැනීමේ හැකියාවක් ඔහුට නොතිබූ බවත්, ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයා වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here