චන්දිමාල්, හතුරුසිංහ හා ගුරුසිංහ ටෙස්ට් තරගාවලියට සම්බන්ධ නොවීමට ICCය හා එකග වෙයි

0
6

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (12දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් ආරම්භවන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට සම්බන්ධ නොවිමට ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමණාකරු අසංක ගුරුසිංහ ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය හා එකඟ වී තිබේ.

ඒ අයි.සී.සී.ය හා පැවැති විනය පරීක්ෂණයේ වරද පිළිගැනීම හේතුවෙනි. නොබෝදා නිමාවූ ශ්‍රී ලංකා හා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව පළුඳු කිරීමේ චෝදනා එල්ල වූ අතර එයට විරෝධය දක්වමින් ඔවුන් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම විනය පරික්ෂණය පැවැත්විණ. ඒ අනුව ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා නොවන ආකාරයට ක්‍රීඩා කිරීම යන අයි.සී.සී. ආචාරධර්ම පද්ධිතය කඩකළ බවට චන්දිමාල්ට, හතුරුසිංහට හා ගුරුසිංහට චෝදනා එල්ල කෙරණි.

ඊයේ (11දා) පස්වරු 6 සිට පැය පහක පමණ කාලයක් මෙම පරීක්ෂණය පැවැති අතර එහිදී ඔවුන් තිදෙනාම වරද පිළිගෙන ඇති අතර ඒ අනුව අවම වශයෙන් ඔවුන්ට ටෙස්ට් තරග දෙකක තහනමක් පැනවෙනු ඇත.

අයි.සී.සී.ය මෙම දඬුවම ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here