චීනය ඉදිරියට එයි

0
4

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනට ඊයේ (20දා) තරග අවසන් වනවිට පදක්කම් සටහනේ පෙරමුණ අත්පත් කරගෙන සිටි චීනය පදක්කම් 35ක් හිමිකරගෙන සිටියේය. මෙහි දෙවැනි ස්ථානය සමස්ත පදක්කම්30දිනූ ජපානයට හා තෙවැනි ස්ථානය පදක්කම් 23 දිනූ සත්කාරක ඉන්දුනීසියාවට හිමිව තිබුණි.

ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවූ රටවල් 46ක් අතරින් මේ වනවිට අවම ලෝකඩ පදක්කමක් හෝ දිනාගත් රටවල් 19ක් පදක්කම් ලැයිස්තුවට ඇතුළත්ව සිටියි. කෙසේ නමුත් තවමත් එකඳු පදක්කමක් හෝ දිනාගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය. ශ්‍රී ලංකාව ඊයේ සහභාගි වූ තරගවල ප්‍රතිඵල කිහිපයක් පහතින් දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here