චීන සබ්මැරීනයට ලංකාවේ නැංගූරම් දැමීම තහනම්

0
40

චීන සබ්මැරීනයක් ශ්‍රී ලංකාවේ කොළඹ වරායට පැමිණීමට අවසර ඉල්ලා  තිබුණු අතර එම ඉල්ලීම ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට පැමිණීම හේතුවෙන් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන් වෙයි.

කෙසේ  වෙතත් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සබ්මැරීනයට කොළඹ වරායට පැමිණීම සඳහා තවදුරටත් අවසරය ලබාගැනීමට බලපොරොත්තුවෙන් සිටියි.

චීන සබ්මැරීනයක් අවසන්වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 2014 වසරේ ඔක්තෝබර් මාසයේ දී වන අතර, ඒ සඳහා ඉන්දියාව දැඩි විරෝධයක් ප්‍රකාශ කර තිබේ.
ඉන්දියාවේ විරෝධය මත චීන සබ්මැරීනයකට කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවේ නැංගුරම් දැමීමට අවස්ථාවක් නැතැයි ශ්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරියෙක්  ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here