ජනපති, ෆොන්සේකාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි

0
102


දැනට දරන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වී ආරක්ෂක අංශවල මෙහෙයවීමේ වගකීම භාර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් ඉල්ලීමක් කර තිබේ.
රටේ විනය පවත්වාගෙන යෑම සඳහා ආරක්ෂක අංශ මෙහෙයවීමට සුදුසුම පුද්ගලයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාවන බැවින් යුද හමුදාපති ධූරය හෝ ත්‍රිවිධ හමුදා මෙහෙයවීමේ වගකීම භාර විශේෂ තනතුරක් භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න අද (26) පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ ය.
වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ පොදු ජනතාවට ලබා දුන් නිදහස ඇතැම් දූෂිත පුද්ගලයින් සහ පිරිස් විසින් අයුතු ලෙස යොදා ගනිමින් වැඩවර්ජන, උද්ඝෝෂණ වැනි ක්‍රියා සිදු කරන බැවින් එහි දී ඇතිවන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා හමුදාව සූදානම්ව තැබිය යුතු බව ද එහි දී ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here