ජනප්‍රිය ගායක ආශාන් ප්‍රනාන්දුගේ නවතම ගීතය එළියට – සමාජ මාධ්‍ය කළඹමින් ගීතය Youtube Trending අතරට

0
53

යොවුන් සංගීතඥයෙකු සේම ගායන ශිල්පියෙකු ලෙස ජනාදරයට පත් ව සිටින අශාන් ප්‍රනාන්දු යනු සංගීත ක්ෂේත්‍රයේ බැබළෙන තරුවකි.

”මං පතනවා” , ”සත්තයි” සහ”මේ නිහඩ භවයේ” යන ගීත ත්‍රිත්වය හරහා රසික සිත් සතන් ඇදබැඳ තබාගෙන සිටින අශාන් ටිකක් කාර්යබහුල වෙලා. ඒ ඔහුගේ අලුත් ගීතය එළි දැක් වූ නිසා.

‘වෙන් වෙන්න’ ලෙස නම් කර තිබෙන මෙම ගීතයේ පද රචනය සිදු කර ඇත්තේ ජනප්‍රිය ගී පද රචක ඩිලාන් ගමගේ විසිනි.

ආදරයේ වෙනුවෙන් වන කැප කිරීම් සහ එම ආදරයට එන බාධා ඇතුළත් කරමින් නිර්මාණය වී ඇති මෙම සුන්දර ගීතය ඔබට පහතින් නැරඹිය හැක.

https://www.youtube.com/watch?v=LaXl_aejsmU

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here