ජනාධිපතිවරණයට මා නම් කළ බව සඳහන් නිවේදනය බොරුවක්‌ – ගෝඨාභය රාජපක්‍ෂ

0
1

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් 2020 ජනාධිපතිවරණයට තමන් නම් කළ බව සඳහන් මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කර ඇති බවට පළවන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක්‌ නැතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා එවැනි මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කර නොමැති බව ද, එම ව්‍යාජ මධ්‍ය නිවේදනය සමාජ ශාලා ඇතුළු වෙබ් අඩවිවල වාර්තා කර තිබෙන බව ද හිටපු ලේකම්වරයා සඳහන් කළේය.

ජනතාව නොමඟ යවමින් දේශපාලනික වශයෙන් ව්‍යාකූල තත්ත්වයක්‌ ඇති කිරීමට යම් පාර්ශ්වයන් උත්සාහ ගනිමින් සිටින බව ද, එම මාධ්‍ය නිවේදනය අසත්‍ය එකක්‌ බවද හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here