ජපානය Football ලෝක කුසලානයේදී කරපු දේ ලංකාව ඊයේ කරපු හැටි

0
3

ඊයේ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තිබ්බ තුන්වන එක්දින තරඟය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට අත් වුණේ අමිහිරි අත්දැකීමක්. හැබැයි තරඟය ඉවර වුණාට පස්සේ රැස්ව හිටපු ක්‍රීඩා ලෝලීන් සිදු කළ අපූරු ක්‍රියාවක් ගැන මේ වෙද්දී මුළු ලෝකයේම කතා බහට ලක් වෙලා තියෙනවා. මීට කලින් මේ වගේ ක්‍රීඩා තරඟයක් අවසානයේදී කතාබහට ලක්වෙන දෙයක් කරේ ජපානයේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන්. ඒ පහුගිය පාපන්දු ලෝක කුසලාන අර්ධ අවසන් තරඟය පරාජයෙන් පස්සේ ඔවුන් තම මව් රටට යන්න කලින් තමන් නවාතැන් අරගෙන හිටපු ස්ථානය සම්පුර්ණයෙන් සුද්ධ පවිත්‍ර කරමින්.

ඊයේ පැවැත්වුණ තරඟය අවසානයේදී තරඟය නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලීන් දමා ගිය කැළිකසල එකතු කරලා ක්‍රිඩා පිටිය පිරිසිඳු කරන අවස්තාවක් මේ වෙද්දී ලෝකයේම පැසසුමට ලක්වෙලා තියෙනවා. තරඟය ඉවර වුණාට පස්සේ ක්‍රීඩා පිටියට ඇවිත් පිටියේ සහ ප්‍රේක්ෂකාගාර වල තිබ්බ කැලි කසල ඉවත් කරලා මුළු ලොවටම ආදර්ශයක් සපයන්න ඔවුන්ට පුළුවන් වුණා.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here