ජ’පුරට බලු කරදර

0
63


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සැරිසරන 130කට අධික සුනඛ රංචුවක්‌ හේතුවෙන් විශ්වවිද්‍යාලයේ කටයුතුවලට දැඩි බලපෑමක්‌ එල්ල වී ඇතැයි එහි උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි.
පසුගිය මාස දෙකේ දී පමණක්‌ ශිෂ්‍යයන් හා අනධ්‍යයන සේවකයන් 18 දෙනකු සපාකෑම්වලට ලක්‌ ව ඇති අතර ශිෂ්‍ය අධ්‍යයන හා අනධ්‍යයන යන සියලු කණ්‌ඩායම්වල දැඩි ඉල්ලීම මත මෙම සුනඛයන් විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීම සඳහා විශ්වවිද්‍යාලය ගෙනයන ක්‍රියාමාර්ගවලට ඇතැම් සංවිධාන විරෝධය පළ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි විශ්වවද්‍යාල ප්‍රජාව ප්‍රකාශ කරයි.
මෙම සුනඛ උවදුර ඉවත් කිරීම සඳහා පෞද්ගලික ආයතනයකට භාරදුන් බවත් එම ආයතනය සුනඛයන් මරා දමන බවට ඇතැම් සංවිධාන ගෙන යන ප්‍රචාර අසත්‍ය බවත් විශ්වවිද්‍යාලයේ වැඩබලන ලේඛකාධිකාරී වසන්ත පෙරේරා සඳහන් කරයි.
සුනඛයන් සඳහා වෙනම ස්‌ථානයක්‌ වෙන්කර අවශ්‍ය පහසුකම් සැලසීමට විශ්වවිද්‍යාල පරිපාලනය කලක සිට සැලසුම් කරමින් සිටින නමුත් සුනඛයන් වෙනුවෙන් කතා කරන කිසිවකු එම කාර්යය භාර ගැනීම සඳහා මෙතෙක්‌ ඉදිරිපත් වී නැති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here