ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්

0
57

ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් මේ සතිය අවසන්වීමට පෙර බොහෝ දුරට සිදුවීමට ඉඩ ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව බොහෝ දුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර ගණනාවක් සංශෝධනය කිරීමට නියමිත බවද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය ධුර සංශෝධනය කිරීමට අදාළ ගිවිසුම පසුගිය සිකුරාදා(06) එ.ජා.ප මහලේකම් අමාත්‍ය කබිර් හෂීම්  හා අමාත්‍ය මලික් සමරවික්‍රම  විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇති බවද වාර්තා වේ.

ඒ අනුව මහා මාර්ග, ධීවර, උසස් අධ්‍යාපන, ඛනිජ තෙල්, විදේශ, ජනමාධ්‍ය යන අමාත්‍ය ධුර බොහෝ දුරට වෙනස්වීමට ඉඩ ඇති බවද අදාළ ආරංචි මාර්ගය වැඩිදුරටත් පෙන්වා දේ.

ඊට අමතරව රාජ්‍යය ආයතන ගණනාවක ප්‍රධානීන්ද කැබිනට් සංශෝධනයට සමගාමීව මාරු කිරීමට රජයේ දැඩි අවධානය යොමුව තිබේ.

එම සංශෝධනද මේ සතිය තුළ සිදුවන බවට ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වූවද  අදාළ සංශෝධන සිදුවන බැවින්  විදේශගතවීමට නියමිත අමාත්‍යවරුන්ගේ විදෙස් ගමන් නතර කරන ලෙස ජනාධිපති කාර්යාලයෙන් උපදෙස් ලැබි ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here