ජාතික රෝහලේදීත් විමල් ආහාර වර්ජනයේ

0
68

බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ තවදුරටත් ආහාර වර්ජනයේ නිරතවන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
මන්ත්‍රීවරයා තවදුරටත් ජලය පමණක් පානය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත සඳහන් කරයි. මන්ත්‍රීවරයා කිසිදු ආහාරයක් නොගන්නා බව දා රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.
ඊයේ (29) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ මන්ත්‍රීවරයා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා යොමුකර තිබේ. තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහු ආරම්භ කළ උපවාසයට අදට දින 9 ක් සපිරෙයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සුවදුක් විමසීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් ද කොළඹ ජාතික රෝහල වෙත ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here