ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා දියණිය අසරණ වෙයි

0
77


G20 කාන්තා සමුළුවකට සහභාගිවීම සඳහා ජර්මනියේ බර්ලින් නුවරට පැමිණ සිටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය, ඉවන්කාට සිය පියා කාන්තාවන් සම්බන්ධයෙන් දක්වන ආකල්ප පිළිබඳ විරෝධතාවලට මුහුණදීමට සිදු වී තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියට පත්වීමෙන් අනතුරුව ඉවන්කා ජාත්‍යන්තර සංචාරයක යෙදෙන පළමු අවස්තාව මෙය වේ.
ජර්මනියේ චාන්සලර් අන්ගෙලා මර්කල් සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් සමග ඉවන්කා ට්‍රම්ප් ව්‍යවසායිකාවන් පිළිබඳ වට මේස සාකච්ඡාවකට සහභාගි වී ඇත.
එහි දී ඇය සිය පියාගේ ප්‍රතිපත්ති ප්‍රශංසාවට ලක් කළ අවස්ථාවේ රැස්ව සිටි පිරිස එයට කෝපයෙන් ප්‍රතිචාරය පළ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here