ඩයනා කුමරිය ගැන සිතමින් හැඬු කඳුලින් කල්ගෙවන හැරී කුමරු

0
61

ඩයනා කුමරිය මිය ගොස්  වසර 20 ගත වුවද ඇය පිළිබඳව  කිසිවක් නොසිතා සිටීමට නොහැකි වූ නිසා මානසික උපදේශන සේවාවල පිහිට පැතීමටද  සිය බාල පුත්  හැරී කුමරුට සිදු වී ඇත.ඇය මිය යන විට හැරී කුමරුගේ වයස අවුරුදු 12 කි.

සිය මවගේ මරණයෙන් වසර 20කට පසුව තම හඩ අවධි කරමින් ඔහු මෙසේ අදහස් පල කර ඇත්තේ ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

වසර දෙකක් පමණ සම්පූර්ණයෙන් සිත් වේදනාවට පත්ව සිටි ඔහු විශාල මානසික බිඳවැටීමකට ලක්ව සිටි බව පවසයි.

සිය දුක මද වශයෙන් හෝ පිට කර ගැනීමට හැකි වූයේ බොක්සිං ක්‍රීඩාව නිසාවෙන් බව පවසන ඔහු මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳ බ්‍රිතාන්‍යය වැනි සමාජයක පවා පවතින පසුගාමී ආකල්ප බිඳ දමා තමන් මුහුණදුන් මානසික ගැටළු පිළිබඳ විවෘතව අදහස් දැක්වීමට ද තීරණය කර ඇත.

සිය මව නිසා ඇතිවන වේදනාව මග හැරීමට තමන් අම්මා ගැන සිතන්නට පවා අකමැති  වූ බව පවසන හැරී කුමරුට මේ  සඳහා උපදෙස් ගන්නා ලෙස සිය වැඩිමල් සහෝදරයා වූ විලියම් කුමරු කිහිප වතාවක්ම තමා  දිරිමත් කළ බව පවසයි.

මව මිය යාමත් සමඟ තමා සාංකාවෙන් පසු වූ අතර දැන් ඔහු තරමක් හෝ හොඳ තත්වයෙන් සිටින බවත් සඳහන් කරයි.

සිය සොහොයුරු විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳවන කේට් කුමරිය සමග එක්ව ඔහු Heads Together මානසික සෞඛ්‍යය පිළිබඳ පුණ්‍යායතනයට ආධාර කරන බවද ඔහු ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට පවසා තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here