ඩැනීලා තවමත් ගිණි ගනී

0
70

මෙරට මුහුදු සීමාව ආසන්නයේ යාත්‍රා කරමින් සිටිය දී ගිණි ගැනීමට ලක් වූ පැනමා රාජ්‍යයට අයත් එම්.එස්.සී. ඩැනීලා බහාලුම් නෞකාව තුළට ඇතුලුවීමට හැකියාවක් නොමැති බව නාවික හමුදාව පවසයි.
ඊට හේතුවී ඇත්තේ තවදුරටත් එම නෞකාව අභ්‍යන්තරයේ සුළු ගිණි ගැනීම් පැවතීමයි. මේ වනවිට නෞකාව කොළඹ වරායේ සිට මුහුදු සැතපුම් 10 ක් දුරින් නැංගුරම් ලා තිබේ.
නෞකාවේ බහාලුම් අතර තිබූ ගිණි ඇවිලෙන සුළු ද්‍රව්‍යයක් හේතුවෙන් ගින්න පැතිර ගොස් ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සාගර නෞකාව, කොළඹ වරාය අධිකාරියේ රාවණා සහ මහ වැව යන ටග් යාත්‍රා ද මෙහෙයුමට එක් වූ අතර සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබූ ශූර්, දර්ශක් සහ ගැරියර් නැමැති ඉන්දීය වෙරළාරක්ෂක නෞකා ද ගින්න නිවීමේ මෙහෙයුමට සහභාගි වී තිබේ.
ඊට අමතරව ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් සහ ඉන්දීය ශූර් නෞකාව සතු චේතක් හෙලිකොප්ටරය ද මෙහෙයුමට එක් වූ බව නාවික හමුදාව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here