ඩිල්ෂාන් හේතු දක්වයි – වරෙන්තුව අත්හිටුවයි

0
81


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට එරෙහිව නිකුත් කළ වරෙන්තුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අත්හිටුවනු ලැබී ය.
ඒ තිලකරත්න ඩිල්ෂාන් මෝසමක් ගොනු කරමින් නීතීඥයෙකු හරහා අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරු ව ය.
තිලකරත්න ඩිල්ෂාන්ගේ පෙර විවාහයේ බිරිඳ විසින් ගොනුකළ නඩත්තු නඩුවකට අදාලව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට ඊයේ (24) දින මෙලෙස වරෙන්තු නිකුත් කෙරුණි.
මෙම නඩුව යළි මැයි 31 වැනි දා විභාගයට ගැනීමට නියමිතයි. නඩු දිනය පිළිබඳ පැවැති අපහැදිලි තත්ත්වයක් හේතුවෙන් අධිකරණය වෙත පැමිණීමට නොහැකි වූ බව තිලකරත්න ඩිල්ෂාන් හේතු දක්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here