ඩෙංගු නිසා වර්ජනය නවත්වන ලෙස ඉල්ලීමක්

0
35

ඩෙංගු රෝගය රට පුරා පැතිර යන  අවස්ථාවක වර්ජනයකට එළඹීම  සාදාරණ දැයි යළි සිතා බලන ලෙස ඉල්ලා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයේ වෛද්‍ය නීලධාරින් ගේ සංගමයෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබේ.

මේ වනවිට රට පුරා ඇති රෝහල් සියල්ලෙහිම ඇඳක් සොයා ගත නොහැකි තරමට රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඇති බවත් පෞද්ගලික රෝහල් පවා ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඇති බවත් පෙන්වා දෙන එම ව්‍යාපාරය පවතින වාතාවරණය ගැන සිතා වර්ජනය තාවකාලිකව හෝ කල් දමන ලෙස ඉල්ලා සිටී.

මෙම තත්වය යටතේ වර්ජනයකට යාමෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වන අතර ඔවුන්ගේ යහපත ගැන කල්පනා කර හෝ මෙම තීරණය වෙනස් කරන ලෙස ඔවුන් තව දුරටත් කියා සිටී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here