ඩෙංගු බෝ කරන රාජ්‍ය ආයතනවලට නඩු

0
44

ඉදිකිරීම් කටයුතු කරන ස්ථානයන්හී ඩෙංගු  කීටයන් හමු වුවහොත් එම ඉදිකිරීම් කොන්ත්‍රාත් බලපත්‍රය මාසයක් යන තෙක් අවලංගු කිරීමට කටයුුතු කරන බව සෞඛ්‍ය හා දේශීය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.

එමෙන්ම රජයේ ආයතනවල මදුරුවන් බොවන ස්ථාන හමු වුවහොත් එම ආයතනවලට එරෙහිව නඩු පැවරීමට  ක්‍රියා කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

 

ඔහු මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here